ඉදිරියේ දී ලැබෙන ඩිජිටල් ID එකට ලැබුණු විශේෂත්වය !
india
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියානු ප්‍රතිපාදන ලබාගැනීමට දෙරට අතර ගිවිසුමකට එළඹීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම එම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එමගින් ඩිජිටල් හා භෞතික පරිසරයන් තුළ පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි හඳුනාගැනීමක් එම ඩිජිටල් අනන්‍යතා රාමුව යටතේ හඳුන්වා දීමට ද නියමිතය.
2019 දෙසැම්බර් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී එම ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ ප්‍රදානයක් ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |