මහබැංකුව කළ රත්‍රරන් වැඩේ !
ශ්‍රී ලංකා මහබැංකුව විසින් මෙරට රන් සංචිතයෙන් තවත් කොටසක් අලෙවි කර තිබෙනවා.
ජනවාරි මාසයේ මෙරට ආර්ථික සංඛ්‍යාලේඛන දත්තවලට අනුව රන් සංචිතය ටොන් 3.1 සිට ටොන් 1.6 දක්වා පහත වැටී ඇති බවයි දැක්වෙන්නේ.
ඒ අනුව රන් සංචිතයේ වටිනාකම පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 175 සිට ඩොලර් මිලියන 92 දක්වා පහත වැටී තිබෙනවා.
මෙලෙස රන් සංචිතයෙන් ටොන් 1.5ක් පමණ මහබැංකුව විසින් ජනවාරි මාසයේ දී අලෙවි කර ඇති බව සඳහන්.
පසුගිය දෙසැම්බර් මාසයේදී ද මෙලෙස රන් සංචිතයෙන් කොටසක් අලෙවි කළ අතර, මහබැංකුව එහිදී ප්‍රකාශ කළේ වත්කම්වල ද්‍රවශීලතාව ඉහළ නැංවීම එහි අරමුණ බවයි.
මේ අතර, මෙරට විදෙස් සංචිතය ද දෙසැම්බර් මාසයේ පැවති ඩොලර් බිලියන 3.1 සිට මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |