මත්කුඩු සොයා වැටලූ මත්කුඩු සැමියාගේ බිරිඳ දැලේ

sri lanka arrested drugs gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 08, 2022 05:55 AM GMT
krishani

krishani

Report

රුපියල් කෝටියකට අධික මත් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කලුබෝවිල රෝහල පාරේ නිවසක් ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 064 ප්‍රමාණයක් තිබී ඇත .

මේවා බොහෝ විට අසංක නැමැත්තාට අයත් මත් කුඩු බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සැකකාරිය මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා රැගෙන යන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් ඊයේ (7) දහවල් සැකකාරියගේ නිවස ආසන්නයේ රැකවල් ව සිට ඇයත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය (40) හැවිරිදි කාන්තාවක් බවත් ඇගේ සැමියාට ද මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now