විදුලි කප්පාදුව ගැන අලුත් කතාවක් එළියට එයි !
මෑත කාලීනව විදුලි කප්පාදුවන් සිදුකිරීමට ප්‍රධානතම හේතුව පසුගිය දෙසැම්බර් මස 03 වන දින සිදු වූ හදිසි විදුලි බිඳවැටීම බව මහජන උපයෝගිතා කොමිශන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, අදාළ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 02ක් අක්‍රීය වූ බවය.
එම විදුලි බිඳවැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට ද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව ජනක රත්නායක මහතා පවසයි.
"දෙසැම්බර් 3 වනදා විදුලිය විසන්ධිවීමක් වුණා ලංකාව පුරාම. බ්ලැක්අවුට් එකෙන් තමයි මේ පවර් කට් එක දැන් ඇති වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමා දෙසැම්බර් 3 වනදා මේ බිඳවැටීම වුණාම නොරොච්චෝලේ බලාගාර දෙකක් මෙගාවොට් 600ක් එකපාර අක්‍රිය වෙනවා. ඒ වෙලා සුමානයක් යනකල් අපිට බලාගාර පණ ගන්වන්න බැරි වුණා. එකක් ගිය සුමානේ 3 වෙනදා වෙනකල් අක්‍රිය වෙලා තිබ්බේ. ඒකේ අලාභය විතරක් අපි ගණනය කරලා තියෙනවා බිලියන 6ක් පාඩුයි. ඒ සුළු ක්‍රියාදාමයකින් සිදුවන පටලැවිල්ල සම්පුර්ණ ආර්ථිකයක් විශාල පීඩනයකට ලක්වෙන්න පුළුවන්. ඒ බ්ලැක්අවුට් එක සිදුවීම ගැන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශයක් කළා මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් වියහැකි බවට."
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අනතුරුව ඒ සඳහා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.
මේ අතර අද(08) දිනයේදී බොහෝ දුරට විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව පවතින බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |