විශේෂ බදු පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ.ජනතාවට එමගින් වාසියක් වෙයි ද?

sri lanka sri lanka government gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 08, 2022 03:13 AM GMT
krishani

krishani

Report

සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එමඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අරමුදල් ගණනාවකින් සියයට 25ක අධිභාරයක් අයකර ගැනීමට නියමිත බවය.

බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන දෙදහසක් ඉක්මවනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25ක අධිභාරයක් අය කළ යුතු බවට වන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (07) දිනයේ ප්‍රකාශයට පත්කර තිබේ.

දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුව ගණනය කරනු ලබන 2020 වර්ෂයේ අප්‍රේල් මස පළමු වන දිනෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා එම අධිභාර බද්ද පැනවීමට නියමිතය.

එම පනත් කෙටුම්පතේ අර්ථකථනයට අනුව විශ්‍රාම වැටුප් අරමුදලක්, අර්ථ සාධක අරමුදලක්, විශ්‍රාම අරමුදලක්, විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් හෝ ඒ හා සමාන අරමුදලක් ද සමාගම යන අර්ථ නිරූපනයට ඇතුළත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now



GalleryGallery