ඔබත් සෙල්ෆි ඡායාරූප ගන්න අයෙක් ද? එසේනම් මේ දේ ගැනත් අනිවාර්යෙන්ම දැනගන්න

sri lanka world selfi gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 08, 2022 02:28 AM GMT
krishani

krishani

Report

සාධාරණ හේතුවකින් තොරව එක් දිනක් ඇතුළත සෙල්ෆි ඡායාරූප තුනකට වඩා ගන්නේ නම් එය මානසික රෝග ලක්ෂණයක් යැයි මනෝ වෛද්‍ය උපදේශක කමල් එස්. ජයසේකර පවසනවා.

යහපත් පුරවැසියෙක් වීමට යමෙක් කුඩා කල සිටම මානසික සූදානමකින් සිටිය යුතු අතර සමාජය සමඟ කරන අයහපත් ගනුදෙනු ඊට බාධාවක් යැයි පැවැසූ මනෝ වෛද්‍ය උපදේශකවරයා මෙසේද කීය.

“සමහර පාසල්වල දරුවන්ට ජංගම දුරකථන තහනම් කර තිබියදීත් බොහෝ දෙනෙක් ඒවා භාවිත කරනවා. එම උපකරණ වැඩිහිටියන්ගේ භාරයට ගතහොත් ජීවිත එපා කියන දරුවනුත් ඉන්නවා. දුරකථන, අන්තර්ජාල යොදාගත යුත්තේ තම යහපත උදෙසායි. එය වැරදි ලෙස පරිහරණය කළොත් අමාරුවේ වැටෙන්නේ තමාමයි. උත්සව හෝ පින්කම් වැනි සාධාරණ හේතුවක් නැතිව දවසකට සෙල්ෆි තුනකට වඩා ගැහුවොත් ඒක මානසික රෝග ලක්ෂණයක්. එවැනි අයෙක් රෝහලකට යොමුකළත් ඔහු ඉන්නේ අන්තර්ජාල මානසිකත්වයේ. අන්තිමට ඒ අය හැසිරෙන්නේ යකෙක් ආරූඪ වුණා වගෙයි. මනෝ වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම තමයි වැඩිහිටියන් තරුණ පිරිස් වගේ වැරදි කරනවා නම් ඔවුන්ගේ ළමා කාලය හරියට නිර්මාණය වෙලා නෑ කියන එක. සමහරවිට එය ඔවුන්ගේ මවුපියන්ගෙන්ම ලැබුණු ආභාසයන් වෙනවා. උගත්කමක් නැති නිසා දරුවන් නොමඟ යවන මවුපියනුත් ඉන්නවා. විවිධ වැරදිවලට සම්බන්ධ මිනිස්සු ජංගම දුරකථන හා අන්තර්ජාලය හරහා ඔබ හා මිතුරු විය හැකියි. ඔවුන් ඔබත් එම වැරදිවලට පොලඹවනවා. එය මත්ද්‍රව්‍යවලට යොමුවීමේ මාර්ගයක්. ඉන් ඔබ පමණක් නොවෙයි ඔබේ පරපුරම විනාශ වෙනවා. ඒ වගේම ඔබ ජීවිතයට තනියම මුහුණ දෙන අවස්ථාව වනවිට ඔබේ හැකියාවන් ටික හදාගත යුතුයි. ඒ සඳහා පුස්තකාලයට යොමුවී පොතපත සමඟ යාළු වෙන්න. එවිට නරක මිනිසුන්ගෙන් ඔබ ඈත් වෙනවා. පාසල් දරුවන්ගේ ප්‍රධාන වගකීම ඉගෙනීම බැවින් එයට මුල්තැන දෙන්න. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කියන්නේ ජය ගතයුතුම විභාග දෙකක්. ඒ දෙක සමත් කර ගතහොත් ජීවිතයේ කවදාහරි ඔබට උපාධියක් ලබාගත හැකියි. දුරකථනයට හා අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්නේ හරි අරමුණක් නැති නිසා. නිවැරදි ඉලක්කයකට යනවිට කිසිම වරදකට හසුනොවී තම ජීවිත හැඩගස්වා ගන්න පුළුවන්. මේ හැම දරුවකුම හොඳ ගුණධර්ම පුරුදු කරගෙන යහපත් පුරවැසියෙක් සේ සමාජගත වීමට සිතට ගන්න.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now