අධිවේගයේ රිය අනතුරු වළක්වා ගැනීමට ක්‍රමවේදයක් !

accident Sri lanka highway gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 07, 2022 09:41 AM GMT
krishani

krishani

Report

අධිවේගයේ රිය අනතුරු වළක්වන්න ඇමති ජොනී කරපු දේ මාස 6ක් ඇතුළත අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පොලිසියට උපදෙස් ලබා දුන් බව මහාමාර්ග අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ, 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ අධිවේගී මාර්ගයේ සිදු වන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව ය.

ඒ අනුව, 2020 වර්ෂය තුළ අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 308ක් වන අතර 2021 වර්ෂයේදී අධිවේගී මාර්ගයේ සිදු වූ සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 461ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අධිවේගී මාර්ගවල සිදු වූ රිය අනතුරුවලින් බහුතරයක් සිදු වී ඇත්තේ, රියැදුරුට නින්ද යාම හේතුවෙන් බවත් ඒ සඳහා වාහන නතර කර රියැදුරන්ට මදක් නිදාගැනීමට ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර බීමත්ව රිය පැදවීම, අපරික්ෂාකාරී සහ අන්තරාදායක ලෙස රිය පැද වීම, වේග සීමා උල්ලංඝණය කිරීම, ආසන පටි නොපැළඳ ධාවන කිරීම, ජංගම දුරකතනයෙන් කතා කරමින් රිය ධාවන කිරීම, ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කිරීම වැනි ක්‍රියා සිදු කළ රියැදුරන් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව 2021 වර්ෂයේ දී නඩු 79,904 ක් දමා ඇති බව ත් 2020 වර්ෂයේ දී දමා ඇති නඩු ප්‍රමාණය 66,252 ක් බව ත් මහාමාර්ග අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් දැක් වේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now