සමාජ මාධ්‍ය තුළ වැඩි කතා බහට ලක් වූ පුෂ්පිකා ද සිල්වා දේශපාලනයට යයි ද?
ඇමරිකාවේ ලස්වේගස් හි දී පැවැති ලෝක විවාහක රූ රැජිණ කිරුළ දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ පුෂ්පිකා ද සිල්වා එහි තරග වදින්නට ගිය නිසයි.
කෙසේ වෙතත්, තමන්ට ලැබෙන්නට ගිය ජයග්‍රහණය චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක විසින් අහිමි කළ බවට පුෂ්පිකා දිගින් දිගටම චෝදනා එල්ල කළා.
මෙම චෝදනා හමුවේ රෝසි සේනානායක, තම කීර්ති නාමයට හානි සිදුවූ බව පවසමින් එන්තරවාසියක්ද පුෂ්පිකා වෙත යොමු කර තිබුණා.
මේ අතර, පුෂ්පිකා සිය මුහුණු පොතට අපුරු සටහනක් අද(07) එක්කර තිබෙනවා.
ඒ තමන්ට අනාගත දේශපාලන ගමනක් පිළිබඳවත් දැන් බොහෝ කතිකාවත් මතු වෙමින් පවතින බව සදහන් කරමින්.
එම සටහන පහතින්...
මා ආදරණීය ශ්‍රී ලාංකික සහ ලෝකවාසී සහෘද ඔබ සැම අමතමි.., පළමුවෙන් ම, විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයේ දී සිදු වූ අනපේක්ෂිත සිදුවීමේ සිට මේ දක්වා, සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි මෙම තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂක තුමා, ගරු විනිශ්චය මණ්ඩලය, ගරු රෝසි සේනානායක මැතිණිය, රිෂිනි ඇතුලු, ජාතික මෙන්ම ජාත්‍යන්තරයේ සිට මා වෙනුවෙන් වචනයක් තරමකින් හෝ සහය දැක්වූ ඔබ සියලු දෙනාට පලමුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පල කරමි.
මම, කිසිවකුට වෛර නොකරන අතර මම මට එසේ කල අයටත් ඒ මොහොතේම සමාව දී ඇත්තෙමි. වෛරයෙන් කිසිවක් ජයග්‍රහණය කළ නොහැක. මෙම තරගාවලිය පුරාම මා උත්සාහ කළේ මාගේ මව් භාෂාව වන සිංහල භාෂාව භාවිතා කිරීමට ය. මම අත්‍යවශ්‍ය අවස්ථාවන් වල දී ඉංග්‍රීසි භාෂාව භාවිතා කලෙමි. මේ තරගාවලිය තුළ විවාහක රූ රැජිණට තමාගේ මව් භාෂාව භාවිතා කිරීමේ කිසිදු තහනමක් නැත. එය මාගේ දේශයේ අනන්‍යතාවය සහ අභිමානය වේ. නමුත් එය පවා මේ තරඟයේ ඉහළින් සිටි ඇතැම් අයගේ දෝෂ දර්ශනයට ලක් විය. මා ජයග්‍රහණය කලේ එවන් බොහෝ ගැටලු මධ්‍යයේ ය. අද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මම කාන්තාව ගැන, දික්කසාද වූ කාන්තාව ගැන, හුදෙකලා වූ මව්වරුන් ගැන සහ දරුවන් ගැන, තවත් බොහෝ අදහස් පළ කළෙමි.
නමුත් ඒ සියල්ල පසෙක ලා, එක් ප්‍රශ්ණයක් වූ, අනාගත දේශපාලන ගමනක් පිළිබඳව දැන් බොහෝ කතිකාවත් මතු වෙමින් පවතින නිසා මා ඒ ගැන යමක් සඳහන් කළ යුතුය. මේ මොහොතේ ජනතාව මගෙන් අපේක්ෂා කරන්නේ විවාහක රූ රැජිණකගේ කාර්යභාරය මිස, දේශපාලන චරිතයක කාර්යභාරය නො වේ. මම මේ මොහොතේත්, අන් සියල්ල පසෙක ලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරියේදී පැවැත්වෙන විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීම සඳහා මගේ සම්පූර්ණ කැපවීම කරමින් සිටිමි.
ස්තුතියි ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |