ලංකාවේ රෝහල් පද්ධතියෙහි විසල් අර්බුදයක්.ඉදිරියේ දී තවත් ගැටලුවලට ජනතාවට මුහුණ දෙන්න සිදු වෙයි ද?
රට තුළ COVID-19 රෝගීන්ගේ හදිසි වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වල ඉඩකඩ සහ ඇඳන් හිඟ වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
“පසුගිය සති දෙකේ COVID සංඛ්‍යා දෙස බලන විට, එම සංඛ්‍යා දෙගුණ වී ඇති බව පෙනේ,” ඔහු පැවසීය.
අනෙකුත් රෝගීන්ට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා රෝහල්වල කොවිඩ්-19 රෝගීන් සඳහා ඇඳන් 14,000ක් සූදානම්ව සහ ඇඳන් 6,000ක් භාවිතයේ පවතින බව වෛද්‍ය හේරත් සඳහන් කළේය.
COVID-19 රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 70 හි වෛද්‍ය හේමන්ත හේරත් පවසන පරිදි දැනට භාවිතා කරන්නේ ඇදන් 59 ක් පමණි.
කොවිඩ් වැඩි වීම හොඳ සලකුණක් නොවන බවත් රෝග පැතිරීම වැළැක්වීම සඳහා සියලු දෙනාම සහයෝගය දැක්වීම වැදගත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |