නිදහස් දවසෙ ගිරව් සෙට් එකක් මාර වැඩක් කරලා.මේ සිදුවීම ඇහුවොත් ඔබ පුදුම වෙයි !
රෑනෙන් මිදී සිටියදී අල්ලා කූඩු කර තිබූ ගිරා පැටවකු කූඩු කර මාසයක් වැනි කාලයකට පසුව ඉකුත් 04 වැනදා 20කට ආසන්න ගිරා රංචුවක් කෑ කෝ ගසමින් පැමිණ කුඩුවේ යකඩ කූරු හොටෙන් ඈත් කර කූඩුවේ සිටි ගිරා පැටියා බේරා ගෙන ගොස් ඇත.
ගිරා පැටවා ගෙන යෑමට ගිරා රංචුවට බාධා කිරීමට ගිය ගෙහිමියාට ද රංචුවේ සිටි එක ගිරවකුගේ පහර කෑමකට ලක්වීමට සිදුව ඇත.
ගිරා හොටින් ඔළුවට වැදුණු පහරකින් ඔහුට සුළු තුවාල සිදුව ඇත.
මීට මාසයකට පමණ පෙර ජාඇල, බටගම ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටියදී අහුලා ගත් අදාළ ගිරා පැටවා ප්‍රදේශවාසී පුද්ගලයකු විසින් කූඩු කර ඇති දැඩි කර ඇත.
මීට පෙරද කූඩු කර සිටි ගිරවා ළඟට ගිරවුන් රංචු පැමිණි බව ද ඒ පුද්ගලයා පවසා සිටියේය.
කවුරුත් පුදුමයට පත්වී තිබුණේ හරියටම අප රටට නිදහස ලැබුණු පෙබරවාරි 04 වැනිදා දිනකම මේ සිද්ධිය වීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |