මහමග දී ත්‍රීරෝද රථයෙන් කළ කොල්ලකෑම !

sri lanka gagana news sri lanka sinhala news today trending
By krishani Feb 07, 2022 05:06 AM GMT
krishani

krishani

Report

ඊයේ (06) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් භාණ්ඩ සහ ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකතන 02ක් කොල්ලකෑමක් සිදුකර එම පුද්ගලයා මහමග දමා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත ඊයේ රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 46ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now