රජය වියදම් තවත් අඩු කරයි.මොනවද ඒ වියදම්.ජනතාවටත් බලපායි ද ?

Sri lanka gagana news Sri lanka sinhala news today trending Government of Sri Lanka
By krishani Feb 07, 2022 02:10 AM GMT
krishani

krishani

Report

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය ආයතන වල වියදම් තවදුරටත් සීමා කිරීමට රජය තීරණය කර ඇත .

ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනටමත් යොමුකොට තිබේ .

අයවැය මගින් ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති හැරුණු විට වෙනත් කිසිදු ව්‍යාපෘතියක් සඳහා මුදල් ඉල්ලීමෙන් වළකින්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම ඇමතිවරුන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත .

රාජ්‍ය වියදම් සීමා කරමින් ඉකුත් දෙසැම්බර් මස 21 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛය සහ ඉකුත් ජනවාරි මස 12 වැනි දා නිකුත් කරන ලද චක්‍රලේඛයේ සදහන් නියෝග දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

ඒකාබද්ධ අරමුදලින් ඉන්ධන දීමනා ලබන ඇමතිවරුන්ගේ ,මන්ත්‍රීවරුන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ ඉන්ධන වියදම් සීමා කරන්නැයි ද එමගින් උපදෙස් දී ඇත.

ඊට අමතරව රාජ්‍ය ආයතනවල දුරකථන,විදුලිය වියදම් ආදී සියලු වියදම් දැඩිව සීමා කරන්නැයි ද මුදල් අමාත්‍යංශය දන්වා ඇත .   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now