මෛත්‍රීපාලත් 8 වෙනිදා යනවා ලු !

politics gagana news Sri lanka sinhala news today trending news Mr.Maithripala Sirisena
By krishani Feb 06, 2022 12:46 PM GMT
krishani

krishani

Report

රටවල් 157ක නියෝජනයෙන් පැවැත්වෙන සාමය පිළිබඳ ලෝක සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට ශ්‍රි ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අටවන මහලේකම් බෑන් කී මූන් මහතා සහ කාම්බෝජයේ අග්‍රමාත්‍යවරයා විසින් නිල ආරාධනයක් කර ඇත.

එම ආරාධනය පිළිගත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙබරවාරි මස 08 වන දින අලුයම කොරියාව බලා පිටත්ව යාමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.‍

ආසියානු කලාපය තුළ ‍ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කළ රාජ්‍ය නායකයකු ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේද ගෞරවාදරයට පත් මෛත්‍රිපාල සිරිසේන මහතා හට පෞද්ගලිකව මෙම ආරාධනය කර ඇති බව පැවසේ.

රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් ගණනාවක් සහභාගිවන මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ වත්මන් අමාත්‍යවරු කිහිපදෙනෙකුට ආරාධනා ලැබී තිබෙන අතර එම සමුළුවට සහභාගි වන සෙසු අමාත්‍යවරු පිළිබඳව මෙතෙක් නිල තහවුරු කරගැනීමක් සිදු කර නැත.

කෙසේ වෙතත් පසුගිය වසරේ ද ජපානයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමය පිළිබඳව තවත් සමුළුවක් සඳහා ජපන් රජය හිටපු ජනාධිපතිතුමාට ඇරයුම් ලැබුණු අතර කොරෝනා වසංගතය හමුවේ ජපානයට සංචාරය නොකොට zoom තාක්ෂණය ඔස්සේ එම සමුළුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතීීය.

පෙබරවාරි මස 8 වැනිදා පිටත්ව යන හිටපු ජනාධිපතිවරයා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 14 වන දිනය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now