ගෙහිමියන් නිදි වෙලාවේ ගෙට පැනගත් සොරා යතුරක් රැගෙන නොහිතන දෙයක් කරලා ?

Sri lanka Theft gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 06, 2022 09:17 AM GMT
krishani

krishani

Report

පස්යාලේ නිට්ටඹුවේ නිවෙසකට ඇතුලු වූූ ‌‌සොරකු නිවසේ නවතා තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා පැජරෝ ජීප් රථයක් සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි.

අද(06) පෙරවරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි හලක හිමිකරුවෙකුගේ ජීප් රථයක් එසේ සොරා ගෙන ගොස් ඇති බවද පොලීසිය කීය.

පාන්දර 3 ට පමණ නිවසේ ජනේලයක් කඩා සොරුන් නිවසට ඇතුල් වී යතුරු එල්ලන ස්ථානයක එල්ලා තිබූ ජිප් රථයේ යතුර රැගෙන ජීප් රථය පන ගන්වා රැගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එම අවස්ථාවේ නිවසියන්ට නින්ද ගොස් සිටියදී සොරා ගෙන යාම සිදු කොට ඇති බවද පොලීසිය කීය.

සී සී ටී වී දර්ශන අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට වාහනය සොරා ගෙන ගොස් ඇති බවටද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now