ජල විදුලිය ගැන බලාපොරොත්තුවට මොකක් වෙයි ද !

sri lanka gagana news Sri lanka sinhala news today trending water and electricity power
By krishani Feb 06, 2022 08:37 AM GMT
krishani

krishani

Report

අද (06) රාත්‍රියේ සිට පවතින වියලි කාළගුණ තත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි එමගින් නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එහෙත් එම වර්ෂාපතනය විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ දැමීමට ප්‍රමාණවත් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියා.

මේ අතර, බලාගාරයක හදිසි බිඳ වැටීමක් සිදු නොවුනහොත් අද දිනයේදීත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, හෙට (07) දිනයේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවද එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

එමෙන්ම, පසුගියදා අළුත්වැඩියා කටයුත්තක් සඳහා ජනන කටයුතු අත්හිටවූ කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ (06) යළි ජාතික පද්ධතියට එක් කරනු ලැබුවා.

ඊයේ පස්වරුවේ සිට එමඟින් යළිත් විදුලි උත්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, එමඟින් ජාතික පද්ධතියට මෙගවොට් 160 ක විදුලි ධාරිතාවක් එක් කෙරෙනවා.

එසේම, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විදුලි ඉල්ලුම අනුව සඳුඳා දිනයේදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, පවතින වියලි කාලගුණ තත්ත්වය සමඟ ජල සැපයුමට බාධා පවතින බැවින් තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය යළි ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසයි එමඟින් ඉල්ලා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now