රට වසා දැමිම ගැන අලුත්ම ප්‍රකාශයක් ?

sri lanka Lockdown gagana news Sri lanka sinhala news today trending Mr.Channa Jayasumana
By krishani Feb 06, 2022 05:15 AM GMT
krishani

krishani

Report

පවතින කෙරෝනා තත්වය තුළ රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් සහතික වනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1,287 ක් ඊයේ (05) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 617,189 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,572 ක් දක්වා ඉහළ ගියේ ඊයේ කොරෝනා මරණ 28 ක් වාර්තා වීමත් සමගයි.

පවතින මෙම තත්ත්වය තුළ රට වසා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් සුලභව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ පූර්ණ එන්නත්කරණය නොමැතිව පොදු ස්ථානවලට ඇතුලු වීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සියල්ලන් කටයුතු කළ යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now