"මහත්තයා අපිට ඔයා කියන කියන තැන්වලට යන්න බෑ. අපි යමු දක්ෂිණාරාමය පාර ළඟ තියෙන තැනට. එතැන ආරක්ෂාව හොදයි’’- පිරිමින් පහස සොයා යන ගල්කිස්සේ ආතල් වධකාගාර පොට් එක !
ගණිකා වෘත්තිය අපේ රටේ තහනම්ය. නමුත් ලොව පැරණිම වෘත්තිය ලෙස සැලකෙන ගණිකා වෘත්තිය අපේ රටේ ඕනෑතරම් සිදුකෙරේ.
තරු පහේ හෝටල්වලට එන විදේශීය සංචාරකයන්ට නිදහසේ මෙරට කාන්තාවක් ඇසුරු කරන්නට ඉඩකඩ තිබුණත් කුඩා කුඩා හෝටල්, තානායම් හා ලැගුම්හල්වල පවා මෙකී ගණිකා ව්‍යාපාරය ගජරාමෙට සිදුවන බව ප්‍රසිද්ධ රහසකි.
මේ රටේ ගණිකා වෘත්තියේ නිරතවන පිරිස සැලකිල්ලට ගත්විට ඔවුන්ගෙන් එක කොටසක් දිලිඳුකම නිසා එම වෘත්තියට ඇද වැටී ඇත.
තවත් පිරිසක් ඒ වෘත්තියේ නිරත වන්නේ දවසකට අතිවිශාල ආදායමක් එමගින් උපයාගත හැකි නිසාය.
තවත් පිරිසක් ඊට ගොදුරු වන්නේ කාලකණ්ණි මිනිසුන්ගේ බහට රැවටී දූෂණය වී යනඑන මං නැතිවූ පසුවය.
ගල්කිස්ස දක්ෂිණාරාම ප්‍රදේශයේ සංවිධානාත්මකව පවත්වාගෙන ගිය ලැගුම්හලක කෙරුවාව ඉන් හෙළිදරව් කෙරිණි.
ගල්කිස්ස යනු හරි ජනාකීර්ණ ප්රදේශයකි. හෝටල්, තානායම්, ලැගුම්හල් පිරි මේ ප්‍රදේශයේ සියලූ දුරාචාර සිදුවේ. විශේෂයෙන්ම ගණිකා ව්‍යාපාරයට ප්‍රසිද්ධ ප්රදේශයකි.
ගාලූ පාර දිගේ රාත්‍රි කාලයට යනඑන විට මග දෙපස තරුණ කාන්තාවන් රැඳී සිටින්නේ පිරිමියෙක් දැලේ දා ගැනීමේ අරමුනණි. වීථි පහන් එළියට සුන්දරව පෙනෙන මේ තරුණ ගණිකාවන් බැලූ බැල්මට සුන්දරය.
රාත්‍රියේ මධුවිතක් තොල ගා මේ මාර්ගය ඔස්සේ ගමන්බිමන් යන බොහෝ තරුණ පිරිස එක තත්පරයක් හෝ නැවතී වීති ගණිකාවන් දෙස බලා යන්නේ එනිසාය. එලෙස යන බොහෝ මිනිසුන් වීථි ගණිකාවකගේ පහස විඳීමට කල්පනා නොකළත් ඉඳහිට හෝ පිරිමි දෙතුන් දෙනෙක් ගණිකා පහස ලබාගැනීමට මොවුන් ළඟට යන්නේ විවිධ හේතු මතය.
ගල්කිස්ස, දක්ෂිණාරාමය අසල ලැගුම්හලක් ඇත. වීථි ගණිකාවන් හා පාතාල කෙරුමන් පිරිසක් එක්ව අලූත් සැලැස්මක් සකසා ගන්නේ ලේසියෙන් මුදල් උපයා ගැනීමට පොටක් පාදා ගනිමිනි.
පාරේ යන එන තරුණයින්ව කෙලෙස හෝ වසඟයට ගන්නා මොවුන් ගනුදෙනු කථා කරගත් පසු යන්නේ දක්ෂිණාරාම ප්‍රදේශයේ පිහිටි තානායමටය.
‘‘මහත්තයා අපිට ඔය කියන කියන තැන්වලට යන්න බෑ. අපි යමු දක්ෂිණාරාමය පාර ළඟ තියෙන තැනට. එතැන ආරක්ෂාව හොදයි.’’
එසේ කියා මේ වීථි ගණිකාවන් සිය ගනුදෙනුකරුවා රැගෙන යන්නේ ඔවුන්ගේ තිප්පළටය. තිප්පළට ගිය පසු ගනුදෙනුකරුවා පැමිණි වාහනය, යතුරුපැදිය එහි නවතා ඇතුළට යන්නේ බොහෝ බලාපොරොත්තු ඇතුවය.
නමුත් ගණිකා පහස ලබන්නටත් පෙර හැඩි දැඩි පිරිමි දෙතුන් දෙනෙකු එන්නේ ගනුදෙනුකරුවාට තර්ජන ගර්ජන කරමිනි.
එසේ එන මැරයින් ගනුදෙනුකරුවා සතු වාහනයේ හෝ යතුරුපැදියේ යතුරු ඔවුන්ගේ අතට ගනී. එතැනින් නොනැවතී ගනුදෙනුකරුවාගේ ගෙලබැඳි රන්මාල, මුදු, පසුම්බිය එහි මුදල් සියල්ල කොල්ලකා ගන්නා මැර පිරිස ගනුදෙනුකරුවන්ට පන්න පන්නා පහර දෙති.
අන්ත අසරණ වන ගනුදෙනුකරුවන් වැඳ වැටී මුදල් හා රන් ආභරණ ආපසු ඉල්ලූවත් ඒවා යළි ලැබෙන්නේ නැත. මෙම කොල්ල කල්ලිය කාලයක් තිස්සේම මෙම අපරාධය කරගෙන ගියත් කිසිම ගනුදෙනුකරුවෙකු පොලිසියට නොගියේ ඉන් ඔවුන් දැඩි ලෙස අසරණ වන බැවිනි.
වීථි ගණිකාවක් යනු ගණිකාවන් අතර පහළම ස්ථරයේ සිටින ගැහැනියකි. වීථි ගණිකාවගේ ඇසුරක් පතන සමහරු විවාහකය.
දූ දරුවන්ද සිටින අයය. එහෙව් අයකුට පොලිසියට ගොස් පැමිණිලි කර මේ අවනඩුව විසඳාගන්නට බැරිය. එය තමාගේ මුහුණේ පමණක් නොව බිරිඳගෙත්, දරුවන්ගේත් මුහුණේ දැලි ගා ගැනීමකි.
මේ කියන දක්ෂිණාරාමය ප්‍රදේශයේ ලැගුම්හලේ සිදුවන ජාවාරම ගැන තොරතුරු කිසිවක් හෙළිනොවුවත් මෙම ස්ථානයට ගිය බොහෝ පිරිසක් ඔවුනට සිදුවූ පාඩුව රහසක් සේ සඟවාගෙන සිටින්නේ ඒ නිසාය.
එහි වාසිය ප්‍රයෝජනයට ගන්නා මේ වධකාගාරයක් බඳු ලැගුම්හලේ අපරාධකරුවන් කාලයක් තිස්සේම තරුණයන්ගේ මෙන්ම මැදිවියේ මිනිසුන් සන්තකයේ තිබූ රන් භාණ්ඩ, මුදල් සියල්ල කොල්ලකමින් මේ අපරාධය කරගෙන ගියේය.
ගල්කිස්ස පොලිසියට මෙම ස්ථානය පිළිබඳ තොරතුරු ලැබෙන්නේ ඔය අතරය.එක් සැකකාරියක් හා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. මේ සංවිධානාත්මක කල්ලිය විසින් විවිධ පුද්ගලයන්ගෙන් කොල්ලකාගත් රන් භාණ්ඩ, මුදල් පවා සොයා ගත්තා. ඒ අය වරද පිළිගත්තා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |