සුරුට්ටුවට නිළ ඇඳුම පාවා දුන්න ජේලර් !

sri lanka gagana news Sri lanka sinhala news today trending Sri Lanka Prison
By krishani Feb 06, 2022 02:09 AM GMT
krishani

krishani

Report

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් සුරුට්ටු තොගයක් විසි කළේ යැයි කියන එම බන්ධනාගාරයේ සේවය කරන ජේලර්වරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මෑතකදී අනුයුක්ත කළ 'බන්ධ පොලිස්' නැමැති බුද්ධි අංශ කණ්ඩායමක් මෙම සුරුට්ටු තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් දැනගන්නට තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට පිටස්තර පුද්ගලයකුගෙන් ලැබුණු දුරකථන තොරතුරකට අනුව සොයා බැලිමේදි තාප්පයක් අසල සුරුට්ටු 10 බැගින් වු මිටි 05 ක පාර්සලයක් අළුයම 3.20 ට පමණ සොයාගත් බවත් එම පාර්සලය බන්ධනාගාර නිලධාරියකු විසින් බන්ධනාගාරය තුළට විසිකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පැවැසීය.

ඒ අනුව ක්‍රියාත්මක වු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන් එම අංශය සෝදිසි කර එ – 2 සිර ශාලාවේ තිබි තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now