චීනුන් පිරිසක් විසින් අපේ කතකට කළ අකරතැබ්බ
චීනුන් පිරිසක් කාන්තාවකට හිංසා කළ මෙම සිදුවීම ගලහ ප්රදේශයෙන් වාර්තා වෙනවා.
අක්කර 10ක ඉඩමක් සුද්ද කරන අවස්ථාවේදියි මෙලෙස එම ඉඩම රැකබලා ගත් කාන්තාවට පහරදී ඇත්තේ.
වයස අවුරුදු 30ක් වූ මෙම කාන්තාව සහ ඇයගේ සැමියා අදාල ඉඩම රැකබලා ගැනීමෙහි නිරතව තිබෙනවා.
පිරිමි පුද්ගලයා පිටත්ව යන තෙක් සිට කාන්තාව සහ තවත් කීපදෙනෙක් සිටියදියි මෙම චීන ජාතිකයා හතර දෙනෙක් සමඟ පැමිණ කාන්තාවට පහර දී තිබෙන්නේ.
"උඹලා මේ ඉඩමෙන් පලයල්ලා " යනුවෙන් බැණ වැදී ඇයගේ කොණ්ඩයෙන් ඇද පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ප්රදේශයේ සිදුවන පරිසර විනාශයන් ,නොයෙක් අකටයුතුකම් සම්බන්ධව මෙම චීන ජාතිකයාට විරුද්ධව පැමිණිලි රැසක් ඇති බවත් සඳහන්.
දේශපාලන රැකවරණය ලැබීම නිසා ඔහුට විරුද්ධව නීතිය හරිහැටි ක්රියාත්මක නොවන බවයි ප්රදේශවාසීන් පවසන්නේ.
සිද්ධියෙන් පහර කෑමට ලක් වූ කාන්තාව මේ වන විට ගලහ ප්රාථමික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් පසුවෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |