ආයුර්වේද මුවාවෙන් ඇඟ විකුණලා පොලීසියට මාට්ටු !

arrested Sri lanka sinhala news today trending gagana newa
By krishani Feb 05, 2022 03:54 AM GMT
krishani

krishani

Report

ගල්කිස්ස ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන තුනක් වටලා කාන්තාවන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.

එම කාන්තාවන් අතර ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු ද වන බව පොලීසිය සඳහන් කරයි ගල්කිස්ස ගාලු පාර, පන්සල පාර, 4 පටුමග යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකරනු ලැබුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තු අනුව බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 22 හා 39 අතර පසුවන පයාගල, විහාරහේමපාලදුර, පොකුණුවිට ,කහටගස්හන්දිය, මඩොල්සිම, පුවක්පිටිය හා හම්බන්තොට ප්‍රදේශවල පදිංපදිංචිකාරියන් බව ද පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now