අරුන්දිකව අයින් කළා ද, අයින් උනා ද ? (VIDEO)

attack gagana news sri lanka sinhala news today trending university of kelaniya Mr.Arundika fernando
By krishani Feb 05, 2022 01:08 AM GMT
krishani

krishani

Report

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේදී සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සියලු සැකකරුවන් අත්අඩංගුවට ගතයුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

මේ අතර වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමේ සිද්ධියට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවීම සහ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය  (03) දින රාත්‍රියේ පන්දම් දල්වා විරෝධතාවකද නිරත වුණා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ද වන අතර තුවාල ලබා රෝහල්ගතව සිටින වෛද්‍ය ශිෂ්‍යයෙකුද වනවා.

මේ අතර රෝහල්ගතව සිටින ශිෂ්‍යයා ලබා දුන් කටඋත්තරයක් මත තවත් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමටයි අධිකරණය 03 දින නියෝග කළේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම සිද්ධියට අදාළව සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණේ, සිය පුත්‍රයා සිද්ධියට සම්බන්ධ බවට හෙළිවීමත් සමඟයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් විසින් වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් පැහැර ගැනීමට තැත්කළ අවස්ථාවේ මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය 03න් වනදා රාත්‍රියේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ, වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට නිසි විමර්ශන සිදු නොවන බවට චෝදනා කරමින් ය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now