වෙරළ තීරයෙන් හමු වූ සැක සහිත මළ සිරුර !

Murder gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 04, 2022 08:57 AM GMT
krishani

krishani

Report

වම් වැලිමිට සහ පපුවේ තැලීම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (04) උදෑසන හමුවූ බව පයාගල පොලිසිය පවසයි.

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත අවසානයේ මුහුදු වෙරළේ වැටකෙයියා පඳුරක් අසල පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා පරික්ෂා කිරීමෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනයක් බවට සැක පළ කරන බවත් , මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකල යුතු බවත් පයාගල පොලිසියට උපදෙස් දී ඇත .

සිද්ධිය දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් පැමිණෙමින් සිටී. පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී.ඒ.එස්.රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now

.