මොබයිල් ෆෝන් භාවිතයට නීති මාලාවක් හඳුන්වා දෙයි !

sri lanka mobile phone gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 04, 2022 05:53 AM GMT
krishani

krishani

Report

යුද්ධ හමුදා සාමාජිකයන් වෙත ජංගම දුරකතන හා ස්මාර්ට් ජංගම දුරකත භාවිතයට අදාළව නව උපදෙස් මාලාවක් යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිකුත් කොට තිබෙනවා.

යුද්ධ හමුදා සාමාජිකයන් භාවිත කරන ලද මෙම දුරකතනවල ඇමතුම් පටිගත කිරීමේ පහසුකම් වෙතොත් එම පහසුකම අක්‍රිය කරන ලෙස හෝ භාවිත නොකරන ලෙස නව උපදෙස් ඔවුන්ට දැනුම් දී ඇති බව සදහන්.

මේ පිළිබඳව ආයතන ප්‍රධානීන් සොයා බැලිය යුතු බවත් මෙම උපදෙස්වලට අනුව කිසියම් යුද්ධ හමුදා සාමාජිකයෙකු ක්‍රියා නොකරන්නේ නම් එහි සම්පූර්ණ වගකීම ආයතන ප්‍රධානියා විසින් භාරගත යුතු බව ද එම උපදෙස්වල දැක්වේ.

දුරකතන ඇමැතුම් පටිගත කිරීම් මගින් යුද්ධ හමුදා තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත නිරාවරණය වීම මුළුමනින් ම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාපතිවරයාගේ උපදෙස් මත ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලය විසින් මීට අදාළ උපදෙස් මාලාව නිකුත් කොට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now