පානදුර වෙඩි කෑ රියදුරාගෙ පැටිකිරිය එළියට !
පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පැමිණිලිකාර ගිලන් රථ රියදුරා සහ වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පානදුර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබාදී තිබේ.
ඊයේ (03) රාත්‍රියේ අදාළ අවසරය ලබාදී ඇත්තේ කළුතර අපරාධ කොට්ඨාසය වෙතය.
අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
ඒ අනුව කළුතර උතුර තොටුපොළ පාරේ පදිංචි ගිලන් රථ රියැදුරා සහ පානදුර මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි වෙඩිතැබීමට යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයයා වෙනුවෙන් එලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
ඉකුත් ජනවාරි 27 වනදා මෙම වෙඩිතැබීම සිදුවිය.
කළුතර අපරාධ කොට්ඨාසය විසින් වින්දිත ගිලන් රථ රියදුරාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත වසරකට අධික කාලයක සිට දිවයිනේ ප්‍රදේශ රැසක සිට මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ ඔහු ගිලන් රථ රියදුරෙකු ලෙස කටයුතු කරමින් සිටියදීය.
ඒ සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම රැඳවුම් නියෝගය ලබාදෙන ලදී.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු සතුව තිබී විදේශීයව නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10ක් ද පොලීසිය විසින් සොයාගෙන තිබුණි.
තවත් සැකකරුවකු සතුව ලක්ෂ ගණනක මුදල් සංසරණය වූ බැංකු ගිණුමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වී ඇත.
ඔහුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බවට අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |