තම බිරිඳව යහලුවා සමග අඹුසැමි ඇසුරක යොදවා විඩියෝ කරලා !

arrested gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 04, 2022 03:16 AM GMT
krishani

krishani

Report

තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ විසි තුන් හැවිරිදි තරුණයෙකු සමග රාත්‍රියේ මත්පැන් පානය කර, අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියකු පිලිබදව බෙන්තොට ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.

අදාළ විවාහක කාන්තාව බෙන්තොට පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකාර ස්වාමියා හා තරුණයා පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.

බෙන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල, නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර බිය වැද්දු බවටයි විවාහක කාන්තාව පැමිණිලි කර ඇත්තේ.

බිය වැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් , පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය උදුරා පොළොවේ ගසා උදෑසන එළිය වැටුණු පසු පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇතැයිද පොලීසිය පවසනවා.

මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන බවත් තම ස්වාමියා සමග තම ව්‍යාපාරික ස්ථානයේ දිවි ගෙවන බවත් මෙයට පෙර අවස්ථාවක ද තම ස්වාමියා කතරගම වන්දනාවෙ ගිය අවස්ථාවකදී ද මෙලෙස වෙනත් අයකු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන්න බල ළකර බවත් එය එදින මගහැරුණු බවත් එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පරීක්ෂණ සිදුකරන පොලීසිය සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now