නිදහස දා ලංකාවේ බන්ධනාගාරවල සිදු වූ සුවිශේෂ දේ !
sri lanka
74th Independence Day
Gagana news
Sri lanka sinhala news
today trending news
Special things in prisons
By krishani
74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව හිමි වී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.
ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20කට, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18කට, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17කට, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13කට ජනපති සමාව හිමි වී තිබේ.
එමෙන් ම, වාරියපොෙළ බන්ධනාගාරයේ සිරකරුවන් 10කට, බෝගම්බර බන්ධනාගාරයේ සහ මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11කට ද මෙලෙස ජනපති සමාව හිමි වනු ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |