ලංකාවේ ලොකුම ජොගින් ට්‍රැක් එක අද විවෘත වෙයි !

trending news gagana news sri lankan news today hot news walking lane
By krishani Jan 09, 2022 12:47 AM GMT
krishani

krishani

Report

 චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා සමග අද (09) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනයක් සහ රුවල් ඔරු ධාවන තරගයක් සමඟින් පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුව අද දිනයේදී විවෘත කිරීමට සමගාමිව පවත්වනු ලබන සැමරුම් උත්සවයේ ප්‍රධාන අංග දෙකක් ලෙස සැලකිය හැකිවේ.

දින කිහිපයක් ඇතුළත මහජනතාවට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට අලුතින් ඉදිකරන ලද අඩිපාර ඔස්සේ පෝට් සිටි මරීනා ඇවිදින මංතීරුවට පිවිසිමට අවස්ථාව උදාවෙනු ඇත.

අලුතින් ගොඩ කරන ලද භූමියට අයත් කිලෝමීටර් දෙකක වෙරළ තීරය දෙවන අදියරේදී මහජනතාව සඳහා විවෘත කෙරෙන බව ව්‍යාපෘති භාර සංවර්ධකයින් සඳහන් කර සිටී.

පෝට් සිටි හි මේ වන විටත් පෞද්ගලික සමාගම් විසින් දැනටමත් යෝට් යාත්‍රාවන්, ATV (All-Terrain Vehicle) වැලි කඳු ත්‍රාසජනක සවාරි, ජෙට් ස්කී ජල ක්‍රීඩා, වෙරළ උද්‍යානය සහ තවත් බොහෝ පහසුකම් සහිත ඇක්වා ගොල්ෆ් ක්‍රීඩා පිටිය මහජනතාව ගේ විනෝදාස්වාදය සඳහා එක් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now