පාසල් කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට
#sri lanka sinhala news#today hit news#simhala news#news#school start##
By krishani
පාසල් අධ්‍යාපන කටයුතු ලබන සඳුදා සිට යථාතත්ත්වයට පත්කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුමැතිය ලබා දී තිබේ.
මේ වනවිට පාසල්වල ළමුන් කැඳවීම සිදුකරනු ලබන්නේ කොටස් වශයෙනි. නමුත් නව තීරණයත් සමඟ සියලුම පාසල් සිසු සිසුවියන්ට දිගු කාලයකට පසු එකවර පාසල් පැමිණීමට අවස්ථාව ලැබේ.
ඒ අනුව සියලුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට (ජනවාරි 10) යථා තත්ත්වයට පත්කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |