'ඇත්ත කතා කළ නිසා දුකක් නෑ' යනුවෙන් සුසිල් නිහඩ දුකක
ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමතිකම් අහිමි වුණාට දුකක් නෑ යනුවෙන්, පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපුණු සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
රජයේ වැරැදි ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වා දෙන අයට කිසිවක් නො විමසා දඬුවම් දෙනවා නම්, එවැනි දේ සඳහා තීන්දුව ජනතාව විසින් දෙනෙ ලැබෙතැ යි යනුවෙන් ද ඔහු සඳහන් කළා.
ඉකුත් දා නුගේගොඩ දෙල්කඳ පොළට එළවළු මිල දී ගැනීමට ගිය අවස්ථාවේ දී එහි සිටි විද්‍යුත් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට දුන් පිළිතුරු සම්බන්ධයෙනු යි සිටපු අමාත්‍යවරයා බර්පතළ ලෙස සාකඡාවට බඳුන් වුණේ.
ගුරු ගැටලු, පොහොර, ගෑස්, පොහොර නැව්, සහල් මේ ආදී සෑම අර්බුදයකට ම හේතුව, ආණ්ඩුව වැරැදි මාවතක ගමන් කිරීම බව සදහන් කළා හිටපු අමාත්‍යවරයා, ඒ සෑ ම එකකින් ම පීඩවට පත් වුණේ රටේ දුප්පත් ජනතාව බව ද පවසා සිටියා.
"අපි මැතිවරණ ජයග්‍රහණයේ දී ගෝඨාභය රාජපක්‍ෂ හා මහින්ද රාජපක්‍ෂ දෙපල වෙනුවෙන් කැපවුණා. 2000 දී චන්ද්‍රිකා ආණ්ඩුවේ පළමුවෙන් ම මට ලැබුණේ අධ්‍යාපන ඇමැති පදවිය යි. මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මැතිවරණ 11ක අප කටයුතු කළා. එතුමාගේ නාමයෝජනා 3කට අත්සන් කළේ මමයි. ඒ විතරක් නොවෙයි, මහින්ද ජනාධිපතිතුමාගේ රජයේ ඉතා වැදගත් ඇමැති පදවිවල කටයුතු කෙරුවා" යනුවෙන් ද සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළා.
තමා වසර 40ක පමණ කාලයක සිට එළවළු මිල දී ගැනීමට යන්නේ, දෙල්කඳ පොළට බවත් එළවළු මිල ගණන් අධික වී තිබුණු මොහොතක දී මාධ්‍යවේදියෙකු නැඟූ පැනයකට තමා දුන්නේ ඉතා සාධාරණ පිළිතුරක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය ධූරය අහිමි විමෙන් පසුව සිය සුපුරුදු නීති වෘත්තීයේ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවයි හිටපු අමාත්‍යවරයා අවසන් වශයෙන් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |