ශ්‍රී ලංකා - නවසීලන්ත තරඟය අද.

Cricket Sri Lanka Cricket India New Zealand Cricket Team ICC World Cup 2023
By Hashini Nov 09, 2023 05:28 AM GMT
Hashini

Hashini

Report

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරඟය අද (09) පැවැත්වෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිවයි.

තරඟය අද බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසකම් නොලැබූ අතර, ශ්‍රී ලංකාව සහභාගි වූ තරඟ 08න් තරඟ 06ක් ම ශ්‍රි ලංකාව පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අවසන් වරට පැවති තරඟ 05න් තරඟ 04කම ජය නවසීලන්තය දිනා ගත් අතර, අනෙක් තරඟය ජය පරාජයෙන් තොර ව නිම වී තිබෙනවා.

අද පැවැත්වෙන තරඟය දෙපාර්ශවයටම වැදගත් බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

නවසීලන්තය අද තරඟය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනවා.

විචාරකයින් පවසන්නේ අද තරඟය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් 2025 වසරේ පැවැත්වෙන ICC ශූරයින්ගේ තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බවයි.


ReeCha