මුහුදු පතුලේ සගවා තිබියදී නාවික හමුදාව සොයා ගත් දේ..
By Sewvandhi
ශ්‍රී ලංකා නාවික හමුදාව මුලතිව්, නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 04ක් සමඟ තවත් පුපුරණද්‍රව්‍ය ආම්පන්න කිහිපයක් ඊයේ ( 26 ) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම පුපුරණ ද්‍රව්‍ය මෙලෙස මුහුදු පතුලේ සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව විශ්වාස කරනවා.
එම පුපුරණද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිවු සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |