මේ මේ තනතුරු සදහා මුදල් අමාත්‍යාංශයේ ඇබෑර්තු වෙන් වී ඇත..
sri lanka
ministry of finance
Sri lanka sinhala news
today trending news
veccuncy
By krishani
විදේශ ණයවල තිරසර බව කළමනාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය සහ නීති උපදේශකයන් පත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ මෙසේ දැක්වේ.
“ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරිමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත.”
ඊට අදාළව යෝජනා සඳහා වන ඉල්ලීම් සහ වැඩි විස්තර ඇතුළත් සබැඳි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |