උත්සව සමයේ රට ලොක්ඩවුන් කරයි?.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්..

Covid Sri Lanka Lock down Asela gunawardhane
By Aruna Dec 20, 2021 05:23 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්.

නත්තල සහ නව වසර වෙනුවෙන් රට ලොක්ඩවුන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

කෙසේවෙතත් එලෙස දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් කළද සියලු පුද්ගලයින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව තවදුරටත් ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙනවා.

ඉකුත් සතියේදී ද දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 700යේ සීමාව ඉක්මවා වාර්තාවුණා.

කෙසේවෙතත් ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 551 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now