ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් ඒකාබද්ධ පද්ධතියට - පොදු වෙබ් අඩවියක්

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය සහ විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ නව පොදු වෙබ් අඩවි වේදිකාව අද (18) දින නිල ලෙස දියත් කර ඇත.

ඒ අනුව අමාත්‍යාංශයේ ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම උත්සවය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළේ ඩිජිටල් පරිවර්තනය යනු හුදෙක් නව තාක්‍ෂණය හඳුන්වා දීම පමණක් නොව, රජයේ ආයතන මඟින් මහජනතාව වෙත සපයන සේවාවන්හි කාර්යක්ෂමතාවය, ප්‍රවේශ්‍යතාවය, විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම බවයි.

එසේම මෙම නව ඒකාබද්ධ ඩිජිටල් වේදිකාව ඔස්සේ මෙරට පුරවැසියන්, විදේශගත ශ්‍රී ලාංකිකයින්, විදේශීය ආයෝජකයින්, සංචාරකයින් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා පවසා ඇත.

මේ අයට සුබ ආරංචියක් - අද ඉඳන් මේ QR කේතයෙන් හැම විස්තරේම දැනගන්න පුළුවන්

මේ අයට සුබ ආරංචියක් - අද ඉඳන් මේ QR කේතයෙන් හැම විස්තරේම දැනගන්න පුළුවන්

ඒ අනුව මෙම පොදු වෙබ් අඩවි වේදිකා ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල 07 ක් මෙම ඒකාබද්ධ පද්ධතියට ඇතුළත් කර තිබෙනවා.

එනම්, නව දිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‌යාලය වෙලිංටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය බුකාරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බ්‍රසීලියාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කයිරෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ විදේශයන්හි පිහිටි සියලුම ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ කාර්යාල මෙම ඒකාබද්ධ සහ ප්‍රමිතිගත ඩිජිටල් වේදිකාව යටතට ගැනීමට නියමිත බව සඳහන්.

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

තව ටිකක් අඩු වුණොත් නම් රත්තරන් ගන්න පෝළිමේ එයි - අද හැමෝම පුදුම කළ රන් මිල මෙන්න

එසේම අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය, සාමාන්‍ය පරිපාලන අංශය සහ තොරතුරු තාක්ෂණ ඒකකය එක්ව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SLCERT), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

එහි තාක්ෂණික සහයෝගීතාවය Frontwalker පුද්ගලික සමාගම විසින් සපයා ඇති අතර නවීන සයිබර් ආරක්ෂණ ක්‍රමවේද, විශ්වසනීයත්වය සහ පරිශීලක-හිතකාමී (User-friendly) බහුකාර්ය ලක්ෂණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් මෙම වෙබ් අඩවි පද්ධතිය නිර්මාණය කර ඇත.

කෙසේ වෙතත් මෙය පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් උදෙසා තැබූ වැදගත් පියවරක් වශයෙන් දක්වයි.  

බස් වල ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ අමාරුවෙන් ගිය කාලේ ඉවරයි

බස් වල ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ අමාරුවෙන් ගිය කාලේ ඉවරයි