මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අඩු සැලකිලි

Human Rights Council Ranil Wickremesinghe Sri Lanka Politician
By Gagana News Feb 27, 2025 06:06 AM GMT
Gagana News

Gagana News

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා කීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ මේ දෙබිඩි පිළිවෙත සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරෑරුම් අයුරින් සලකා බැලිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති තරුණ නීතිවේදී හමුවකදීය.

එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය හැසිරෙන දෙබිඩි පිළිවෙත පිළිබඳව රජය ප්‍රමුඛ මෙරට දේශපාලන පක්ෂ දැනුවත්ව සිටිය යුතු යැයි ද හිටපු ජනාධිපතිවරයා කීය.  

ReeCha