ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් උණුසුම් කලාපයක්

Sri Lanka
By Thaya Apr 04, 2021 03:49 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන්අනූන රාජ්‍යයක් වගේම ජෛවවිවිධත්වයෙන් උණුසුම් කලාපයක් ලෙස නම්කර ඇතැයි පරිසර අමාත්‍යංශය පවසයි හෙක්ටයාර් 6,524,540ක් වපසරියක් සහිත අප රටආසියානු කලාපයේ වර්ග ඒකකයක් සඳහා වැඩිම ජීවී විශේෂ විවිධත්වයක් සහිත රටක්වෙයි.

වර්තමාන හා අනාගත පරම්පරාව වෙනුවෙන් අප රටේ ස්වභාවික පරිසර පද්ධතීන් හා අවේණික ශාක හා සත්ව ජීවී විශේෂ සංරක්ෂණය කිරීම අප හැමගේම වගකීමක්. ඒ අනුව ලොව ජාතීන් හා රටවල් අතර ජෛවවිවිධත්ව සංරක්ෂණය, ජෛවවිවිධත්වය තිරසර ලෙස භාවිතය හා ජාන සම්පත් භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන සාධාරණව හා සමානව බෙදීයාමට සැලැස්වීම අරමුණු කරගනිමින් 1992 දී රියෝද ජෙනයිරෝ නුවර පැවති මිහිතල සමුළුවේදී ජෛවවිවිධත්ව සම්මුතිය හඳුන්වා දී ඇති අතර ශ්‍රි ලංකාව මෙම සම්මුතියට 1994 දී අත්සන් තබන ලදැයිද පරිසර අමාතංශය පවසයි.. මෙම සම්මුතියේදී ජෛවතාක්ෂණය,ජෛවසුරක්ෂිතතාව සම්බන්ධයෙන්දඅවධානය යොමුකර ඇත. නවීන ජෛවතාක්ෂණයේ නිෂ්පාදනයන්ගෙන්, මානව සෞඛ්‍යට සහ පරිසරයට සිදුවිය හැකි අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ අවශ්‍යතාවය ජෛවසුරක්ෂිතතා සංකල්පය මඟින් පෙන්වා දෙයි.

ජෛවතාක්ෂණ ක්ෂේත්‍රයේ මෑතකාලීන ප්‍රගතිය සහ එම තාක්ෂණය මඟින් කෘෂිකර්මය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්වන වැදගත් ප්‍රයෝජන පිළිබඳව සලකා බැලීමේදී, නවීන ජෛවතාක්ෂණයෙන් නිෂ්පාදන වන ජාන විකරණය කරන ලද ජීවීන් (Genetically Modified Organisms-GMOs) පිළිබඳව පුළුල් මට්ටමකින් සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. ජාන විකරණය කරන ලද ජීවීන් කෙතරම් ආරක්ෂිතද යන්න සෑම අයකුගේම සිත්තුල ඇතිවන පොදු කරුණකි. මෙහිදී ජාන විකරණය කරන ලද ජීවීන්ගෙන් ඇතිවිය හැකි හානිකර බලපෑම් වලින් මානව සෞඛ්‍ය හා පරිසරය ආරක්ෂා කිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කිරීම සඳහා ජෛවසුරක්ෂිතතාව ඉතාමත් අත්‍යාවශ්‍ය වේ.

ඒ අනුව ජෛවවිවිධත්ව සම්මුතියේ පාර්ශවකාර සමුළුවලදී සාකච්ජා කර,ජාන විකරණය කරණ ලද ජීවීන් නිසා ජෛවවිවිධත්වය තිරසාර භාවිතය සහ සංරක්ෂණයට මෙන්ම මානව සෞඛ්‍යට ඇති විය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම දේශසීමාන්තර හුවමාරුව පිළිබඳ අවධානය යොමුකරමින් එම ජීවීන් හුවමාරුව, පරිහරණය සහ භාවිතය ආරක්ෂිත ලෙස සිදුකිරීමේ අරමුණින් ලෝක ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ජෛවසුරක්ෂිතතාවය පිළිබඳ “කාර්ටිජිනා සන්ධානය” පිහිටුවා ගෙන ඇත. මෙම සන්ධානය 2000 ජනවාරි මස 29 දින සම්මත වූ අතර 2003 සැප්තැම්බර් 11 වන දින සිට ක්‍රියාත්මක කරන ලදී. මෙම සන්ධානයට 2004 මැයි මස 24 දා ශ්‍රී ලංකාව අත්සන් තබන ලද අතර එය 2004 අප්‍රේල් මස 28 දින සිට අපරානුමත කරඇත. මෙම සන්ධානයේ පාර්ශවකරුවකු වන ශ්‍රී ලංකාව ද සන්ධානයේ බැදීම් බලාත්මක කිරීම සඳහා බැදී සිටීන අතර ජෛවවිවිධත්ව සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය ක්‍රියාකරයි.

මේ වනවිටත් අපරට නවීන ජෛවතාක්ෂණයේ අත්දැකීම් වල මුලික අවධියේ පසුවුවත්, ශ්‍රී ලංකා රජය විසින් ජාන විකරණය කරන ලද ජීවීන් ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා විවිධවූ පියවර යන් ගෙන ඇත. අප අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය හා මෙම ක්ෂේත්‍රය හා සම්බන්ධ සියඵ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හී මනා දැනුමක් ඇති නිළධාරීන් හාවිද්වතුන්, කලාපීය, උප කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවති සමුළු හා සැසිවාරයන්හිදී එළඹී තීරණයන්ට අනුව ජෛවසුරක්ෂිතතාවය පිළිබඳ කාර්ටිජිනා සන්ධානයේ බැඳීම් බලාත්මක කිරීම සඳහාකාර්යයන් දැනට ඉටුකර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ජෛවසුරක්ෂිතතාවයට අදාල තොරතුරු නිෂ්කාශනයාන්ත්‍රණයක් සකස් කොට ක්‍රියාත්මක කිරීම, ජාන විකරණය කල ජීවින් මගින් සිදුවිය හැකි අවදානම් තක්සේරුව හා කළමනාකරණය සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීම, තාක්ෂණික තොරතුරු සහිත දත්ත පද්ධති සකස් කිරීම, ජාන විකරණය කරණ ලද ජීවීන් හඳුනා ගැනීමට අදාල ධාරිතාවන් හා හැකියාවන් වර්ධනය කිරීම, විද්‍යාගාර තාක්ෂණික යටිතල පහසුකම් වර්ධනය කිරීම හාසාමාන්‍ය ජනතාව අතර ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ දැණුම හා අවබෝධය වර්ධනය කිරීම ආදී වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී.සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව,සත්ව නිෂ්පාදන හාසෞඛ්‍යදෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා රේගුව හා ජාතික විද්‍යා පදනම යන ආයතනයන් තම වාර්ෂික මුල්‍යප්‍රතිපාදන මගින් උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතියට දායකත්වය සපයයි.

මෙම වෘපෘතියේ එක් ප්‍රධාන සංඝටකයක් ලෙස ජෛවසුරක්ෂිතතාව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම හඳුනාගන ඇත. ඒ අනුව මෙරටතුළජාන විකරණිතජීවීන් (LMOs) පිළිබඳවිද්‍යාත්මක, තාක්ෂණික, පාරිසරික හා නීතිමයතොරතුරුද,විකරණිතජීවීන්හැසිරවීම, ප්‍රවාහනයහාභාවිතයපිලිබඳ තොරතුරුද සහිත වෙබ්අඩවියක් ලෙස පරිසරඅමාත්‍යාංශයමගින් [linkhttps://bch.cbd.int/ | ශ්‍රීලංකාජෛවසුරක්ෂිතතානිෂ්කාෂණයාන්ත්‍රණය පසුගියදා එළිදක්වන ලදී.මෙමගින් විද්වතුන්ට, පර්යේෂකයන්ට, පාසල් ළමුන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. ජෛවවිවිධත්වසම්මුතියමගින්පවත්වාගෙනයනුලබනජෛවසුරක්ෂිතතානිෂ්කාෂණ යාන්ත්‍රණයට (BCH) සමගාමීව මෙම ජාතිකවෙබ් අඩවිය ක්‍රියාකරයි.මේ මගින් ජෛව සුරක්ෂිතතාවය පිළිබඳ දේශීය තොරතුරු ලබාගත හැකි අතර ගෝලීයතොරතුරුසඳහාඅවතීර්ණවීමේහැකියාවඇත.