ශ්‍රී ලංකාව සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට.

Sri Lanka Tourism Sri Lanka Tourism
By Hashini Sep 14, 2023 04:11 AM GMT
Hashini

Hashini

Report

සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ දී ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුවන්නේ එම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ.

ශ්‍රී ලංකාව, ස්පාඤ්ඤය, මැලේසියාව, මාලදිවයින, බාලී, ඉන්දුනීසියාව සහ සීශෙල්ස් යන රටවල්වලට ඉහළින් ශ්‍රේණිගත කිරීම විශේෂත්වයකි.

සංචාරකයින්ට මිත්‍රශීලි ආගන්තුක සත්කාර දැක්වීම සහ ප්‍රණීත ආහාර පාන සැපයීම සහ වෙරළේ සුන්දරත්වය මෙන්ම පෞරාණික නටඹුන් නැරඹීමේ හැකියාව ශ්‍රී ලංකාව තුළ පවතින බව අදාළ වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

ReeCha