අපේ රටට සුබම සුබ ආරංචියක්.. IMF වාර්තාවකින් හෙළිකළ දේ මෙන්න..
මෙම වසරේ දී ගෝලීය උද්ධමන මට්ටම අඩු වන බවත් එළඹෙන වසරේ දී ගෝලීය ආර්ථිකය මන්දගාමී වර්ධන මාවතකට අවතීර්ණ වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කරනවා.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවත ම වාර්තාවේ දැක්වෙන්නේ 2022 වසරේ දී ඇස්තමේන්තුගත ගෝලීය ආර්ථික වර්ධනය වූ 3.4%, 2023 වසර වන විට 2.9% දක්වා පහත වැටෙන බවට පුරෝකථනය කරනවා.
නමුත් මෙම වසරවල දී ක්‍රියාත්මක වන පහතට විතැන් වූ ආර්ථික වර්ධනය එළඹෙන 2024 වසර වන විට සියයට 3.1 දක්වා වර්ධනයක් පෙන්නුම් කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම වාර්තාව දක්වනවා.
කෙසේ වෙතත් 2022 ඔක්තෝබරයේ දී ලෝක ආර්ථික දැක්ම (WEO) හි ආර්ථික වර්ධන ලක්ෂය ලෙස පුරෝකථනය වූ ලක්ෂමය අගයට වඩා 0.2ක අඩු අගයකින් 2023 වසරේ දී ගෝලීය ආර්ථිකය වර්ධනය වෙමින් පවතින බවයි මෙම වාර්තාව වැඩි දුරටත් දක්වන්නේ.
කොවිඩ් 19 වසංගතය ගෝලීය වසංගතයක් ලෙස පැතිර යාමත්, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක ආර්ථිකයේ ආහාර ඇතුළු සියලු ම අවශ්‍යතා සහ සේවාවල මිල ගණන්වලට කරන ලද බලපෑමත්, ඒ සමග ම ක්‍රියාත්මක වූ බැංකු පොලී අනුපාතික ඉහළ යාමේ ආර්ථික ප්‍රතිවිපාකයෙන් ගෝලීය ආර්ථිකය මිරිකී සිටින පසුබිමක මේ තරම් හෝ මට්ටමකින් ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම බලාපොරොත්තු වූ කාල රාමුවට මෙපිටින් සිදු වෙමින් පැවතීම යහපත් බලාපොරොත්තුවක් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව සඳහන් කරන්නේ.
මෙවන් ආර්ථික වටපිටාවක් සමග ගෝලීය ආර්ථිකයේ අනාගත පුරෝකථනය තුළ ලොව ශක්තිමත් ආර්ථිකයන්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් නො කිරීම ද සුවිශේෂී තත්ත්වයක්.
අදාල වාර්තාවට අනුව ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, ජපානය, හොංකොං රාජ්‍ය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන දියුණු ආර්ථිකවල ඉදිරි වසරේ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී කැපී පෙනන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ දකුණු කොරියානු ආර්ථිකය පමණයි.
එය මෙම වසරේ පුරෝකථනය කරන ලද ආර්ථික වර්ධන අගය වූ 1.7ක අගයේ සිට 2.6ක අගයක් දක්වා ලබන වසරේ දී සාපේක්ෂව 0.9ක අගයකින් ඉහළ යාමක්.
ඉහත සඳහන් කළ දියුණු ආර්ථිකයන් හි ඔස්ට්‍රෙලියාව සහ නවසීලන්ත ආර්ථිකය තුළ පමණක් ඉදිරි වසරේ දී 0.1ක සුළු වර්ධනයක් පෙන්නුම් කරන අතර ගෝලීය ආර්ථිකයේ ප්‍රබල පංගුකරුවෙක් වන ජපාන ආර්ථිකයේ වර්ධනය ද මේ වසරේ පුරෝකතනිත අගය වූ 1.8ට සාපේක්ෂව එළඹෙන වසරේ දී හරි අඩකින් පහළ යනු ඇති.
ඒ අනුව පුරෝකථනය කෙරෙන්නේ එළඹෙන වසරේ දී ජපානයේ ආර්ථිකයේ වර්ධන අගය 0.9ක් දක්වා පහළ යනු ඇති බවටයි.
මේ සියල්ල අතරේ මෙම දියුණු ආර්ථිකවල මේ වසරට සාපේක්ෂව සමස්ත වර්ධන වේගය පහත වැටී යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව පුරෝකථනය කරන අතර එය දැක්වෙන්නේ 1.7ක අගයක් ලෙසයි.
ඒ අදාල වාර්තාව මේ වසරේ දී පුරෝකතනය කළ 1.9ක් වූ අගයට වඩා 0.2ක අඩු වීමක්. අදාල වාර්තාව ගෝලීය වශයෙන් නැගී එන ආර්ථිකයන් පිළිබඳ සිය පුරෝකථනයන් ඉදිරිපත් කරන අතර මෙම වසරට සාපේක්ෂව එළබෙන වසරේ දී ලොව වේගවත් ම ආර්ථික වර්ධනයක් හිමි කරගන්නේ මොංගෝලියාව වන අතර එහි දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි වනවා.
එනම් මොංගෝලියාවේ මෙම වසරේ පුරෝකථනිත ආර්ථික වර්ධන වේගය ඒකක 5.0 සිට 7.0ක් දක්වා ලබන වසරේ දී ඉහළ යන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය -3.0 සිට 1.5ක අගයක් දක්වා ඒකක 4.5කින් ඉහළ යනු ලබනවා.
එය මෙම වාර්තාවට අනුව සෘණ වර්ධනයක් පවතින ආර්ථිකයක් ධන අගයක් දක්වා වර්ධනය වීම පෙන්නුම් කරන එක ම අවස්ථාවයි.
මේ අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕසය නේපාලය සහ වියට්නාමය වැනි රටවල් මේ වසරේ ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂ වර්ධනයක් පෙන්නුම් කරන අතර අදාල වාර්තාව අනුව එළඹෙන වසරේ දී ලොව දෙවන විශාලත ම ආර්ථිකය වන චීනයේ ආර්ථික වර්ධනය අඩාල වන බව පෙන්නුම් කරනවා.
එනම් මේ වසරේ චීනයේ පුරෝකථනිත ආර්ථික වර්ධන අගය වූ 5.2ක අගයේ සිට 4.5ක අගයක් දක්වා ඒකක 0.7කින් අඩු වීමයි.
තව ද ඉන්දියාවේ ආර්ථික වර්ධනය මේ වසරේ දී දැක්වෙන ඒකක 6.1 සිට එළඹෙන වසර වන විට 6.7ක් දක්වා වර්ධනය වීම ද අසල්වැසි ආර්ථිකය මෙන් ම කලාපීය බලවතා ලෙස ශ්‍රී ලංකාව සහ කලාපීය රටවලට ඉතා වැදගත් තත්ත්වයක්.
සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්වල ආර්ථික වර්ධනයන් වෙන් වෙන් වශයෙන් ඉහත පරිදි වුවත් අදාල වාර්තාව අනුව මෙම වසරේ දී සමස්තයක් වශයෙන් දියුණුවෙමින් පවතින ආර්ථිකවල පුරෝකථනිත ආර්ථික වර්ධන අගය 5.3ක අගයේ සිට 5.2ක අගයක් දක්වා 0.1කින් පහළ යනු ඇති.
මේ අතර අදාල වාර්තාව අනුව පැසිෆික් කලාපයේ ආර්ථිකයන්වල ද එළඹෙන වසරේ දී වර්ධනයක් පෙන්නුම් නොකෙරෙන අතර මෙම වසරේ දැක්වෙන අගයට වඩා 0.5කින් ආර්ථික වර්ධනය අඩාල වී යනු ඇති.
මේ ආකාරයේ ආර්ථික ප්‍රතිවිපාක එළඹෙන වසර තුළ දී සිදු වෙතැයි අපේක්ෂා කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාල වාර්තාව එළි දක්වමින් පවසන්නේ, ගෝලීය ආර්ථිකයේ වර්තමාන අවධිය තුළ ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමෙන් වඩාත් පීඩාවට පත් වූවන් කෙරෙහි මූල්‍ය සහාය සැපයීම ඉලක්ක කළ යුතු බවයි.
මේ අතර පුළුල් මූල්‍ය සහන පියවර ඉවත් කළ යුතු බවට පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදාල වාර්තාව වැඩි දුරටත් දක්වා සිටින්නේ, නීති මත පදනම් වූ බහුපාර්ශ්වික පද්ධතියෙන් ලැබෙන වාසි ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම වඩා වැදගත් බවයි.
එසේ ම ගෝලීය ආර්ථිකයේ ඉදිරි තිරසර පැවැත්ම සඳහා විමෝචන ක්‍රියාවලීන් සීමා කිරීම සහ හරිත ආයෝජන ඉහළ නැංවීම මගින් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ශක්තිමත් බහුපාර්ශ්වික සහයෝගීතාවයක් ගොඩ නගා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
