රෝග ව්‍යාප්තියක වර්ධනයක් - ඔබේ දරුවා ගැනත් ඔබ අවධානයෙන් ද?..
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
මෙරට ළමා ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ ය.
ඒ මෙම වසරේ මේ දක්වා කාල පරාසය තුළ ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 8.4% ලෙස වාර්තා වීමත් සමගය.2022 වසරේ දී එම ප්‍රතිශතය 11.1%ක් වේ.
එමෙන්ම ලාදුරු පැතිරීම හොදින් පාලනය වී තිබේ නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු අතර එම ප්‍රතිශතය අඩු කිරීම එකවර සිදු කළ නොහැකි ඉතා අසීරු කටයුත්තක් බව ඔහු පෙන්වා දෙයි.
කෙසේවෙතත් විධිමත් හා ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හරහා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය අවශ්‍ය අවම කළ හැකිය.