දෙවනි ඉනිමේ සුන්දර සොනාලි ටිචගේ ක්ලාස් එකටම යන්න ළමයි පොරකනවලු ! (PHOTOS)
සොනාලි ටීචර් එහෙමත් නැත්නම් සැබෑ නමින් කිව්වොත් අන්ජු හිමායා බණ්ඩාර කියන්නේ කාලයක් තිස්සේ විවිද කලා නිර්මාණ වලින් අපවෙත ආපු කෙනෙක්.
ඇය වැඩියෙන්ම ජනප්‍රියත්වයට පත්වෙන්න හේතු වුනෙත් දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් කියන චරිතය නිසා කියලා අමුතුවෙන් කියන්න අවශ්ෂ්‍ය වෙන්නෙත් නැහැ.
මොකද සොනාලි ටීචර්ගේ ක්ලාස් එකට යන්න ළමයි මගබලගෙන ඉන්නේ ඇයගේ ලස්සන බලන්න ඕන නිසා කියලා සමාජ මාධ්‍ය වල පොස්ට් එහෙමත් හැදුනා.
ඉතින් සොනාලි හෙවත් හිමායා බණ්ඩාර දැන්නම් දෙවැනි ඉනිමේ දකින්න නැහැ. එහෙත් වෙනත් අලුත් දේවල් හරහා නිරන්තරයෙන්ම ඇයව දැක බලාගන්න ලැබෙනවා.
හිමායාගේ සැබෑ ජීවිතය අලුත් වැඩමොනවද කියලා පුවත්පත් සාකච්චාවකට එකතු වෙමින් කියලා තිබුනා.
මේ දවස්වල ෆොටෝ ශුට් වලට ආරාධනා ලැබුණු නිසා ඒවායින් තෝරගත්තු වැඩ කිහිපයක් කළා.
එතනින් එහාට සාමාන්‍ය විදියට වැඩ කරගෙන ඉන්නවා. මගේ ගම අනුරාධපුරය පවුලේ ඉන්නේ අක්කලා දෙන්නෙක් සහ අයියලා දෙන්නෙක්. මන් තමයි පවුලේ බාලය වුනේ, ඒක නිසා මම කළා ක්ෂේත්රයට එනවට ලොකු අයියා වැඩිය කැමති වුනේ නැහැ. මම ගැහැණු ළමයෙක් නිසාත් පවුලේ පොඩිම එක්කෙනා නිසාත් එහෙම වුනා. දැනට නම් මමං පදිංචි වෙලා ඉන්නේ කොළඹ, නිරුපන ක්ෂේත්රයෙන් ලැබුණු ජනප්‍රියත්වය එක්කම තමයි මට කලාවට සම්බන්ද වෙන්නත් අවස්තාව ලැබුනේ. මුලින්ම මම රාස්ස කැලේ කියන චිත්‍රපටය හරහා රංගනයට එන්න අවස්තාව ලැබුනා.
පොඩි කාලේ ඉඳලා කලාවට සම්බන්ද වෙන්න ආසාවක් තිබුනත් ඒ ගැන දැනුමක් තිබුනේ නැහැ. රඟපෑමට අමතරව නිවේදිකාවක් විදියටත් මන් විවිද රුපවාහිනී නාලිකා වල වැඩ කළා. හැමදාම එකම තැනකට වෙලා ඉන්නවත් බැහැ, රඟපාද්දී වුනත් වෙනස් විදියට චරිත ලැබෙනවා නම් ඒ තුලින් අත්දැකීමක් ලබාගන්න කැමතියි.
ගොඩක් වෙලාවට මගේ වැඩ වලට හරියන වටිනාකමක් ලැබෙන්නේ නැත්නම් එතනින් ඉවත් වෙනවා. එහෙමත් නැත්නම් ඒ දේවල් බාරගන්නේ නැහැ, රංගනය කියන්නේ ලොකු හැදෑරීමක් එක්ක කරන්න ඕන දෙයක් නිසා ලෙහෙසියෙන් ඒ දේවල් කරන්නත් බැහැ.
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න. |