ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් සතුටුදායක ආරංචියක්..

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka World Bank Economy of Sri Lanka
By Aruna Oct 04, 2023 02:13 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් ඊයේ (03) කොළඹ දී ප්‍රකාශ කළා.

රිචඩ් වෝකර් මහතා ප්‍රකාශ කර ඇත්තේ, 2023 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය -3.8%කින් හැකිළීමෙන් පසු ලබන වසරේ (2024දී) 1.7%කින් වර්ධනය වනු ඇති බවයි.

මීට මාස 19කට පෙර තිබුණේ 70%ක උද්ධමනය, මේ වන විට තනි ඉලක්කමක මට්ටමට පැමිණ ඇති බවයි ලෝක බැංකු ආර්ථික විද්‍යාඥයා වැඩිදුරටත් පැවසුවේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට පැහැදිලි තත්ත්වයක් උදා වී ඇති බවත් දුර්වල ආනයන ඉල්ලුම සහ ආනයන සීමා කිරීම් හේතුවෙන් වැඩි දියුණු වූ වෙළෙඳ ශේෂයක් ද පවතින බව හෙතෙම කියා සිටියා.

එමෙන්ම, රටේ බැංකුවල පොලී අනුපාතය වර්තමානයේ අඩු වී තිබෙන බවත් වැඩි සංචාරක ව්‍යාපාරයක් සහ ප්‍රේෂණ ගලා ඒම සමඟින් විදේශ සංචිත ද තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මේ අතර,ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විදේශ විනිමය ගලා ඒම අනුව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර පසුගිය වසරේ එනම් 2022දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 81%කින් රුපියල අවප්‍රමාණය වීමෙන් පසුව, 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා සියයට 11කින් ඉහළ ගිය බැවින් මෙම තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූල වන බවයි.

ReeCha