ගාලු මුවදොරපිටිය විරෝධතාව ගැන අධිකරණයෙන් අලුත්ම ආරංචියක් - නීතිඥවරුන් 100කට ආසන්න ප්‍රමාණයකගෙ සහභාගිත්වයක්..

Sri lanka sinhala news today trending news Judiciary galleface protest Slprotest A new decision
By krishani Apr 19, 2022 07:58 AM GMT
krishani

krishani

Report

ගාලු මුවදොර විරෝධතාවයට එරෙහිව යම් අධිකරණ නියෝගයක් ලබාගන්නේ නම් එය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොව කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සලකා බලන ලෙස ඉල්ලා නීතිඥවරුන් පිරිසක් අද (19) අධිකරණ සේවා කොමිසම වෙත පෙත්සමක් භාර දී තිබේ.

අදාළ පෙත්සම සඳහා නීතිඥවරුන් 100කට ආසන්න පිරිසකගේ අත්සන් එක්කොට තිබුණි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ මර්මස්ථාන පිහිටි කොටුව අධිකරණ බල සීමාවේ මහෙස්ත්‍රාත්වරයා ලෙස වැඩ තහනමට ලක්ව සිටී මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අධිකරණ සේවා කොමිසම විසින් පත්කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද අදාළ පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල සමග සමීප සම්බන්ධතා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවද මෙම පෙත්සමේ සඳහන් කොට ඇත.

එසේම මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ සොහොයුරා මහජන එක්සත් පෙරමුණේ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සමීපතමයෙක් බවත් ඔහු බස්නාහිර පළාත් සභාවේ සභිකයෙක් ලෙස කටයුතු කර ඇති බවත් මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

අදාළ පෙත්සම මගින් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නොමග යවන සුලු කරුණු වාර්තා කරමින් මෙම සාමකාමී උද්ඝෝෂණයට විරුද්ධව තීන්දු ලබාගැනීමේ සූදානමක් පවතින බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙන බවය.

මේ අතර ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණය සම්බන්ධව කොටුව පොලීසිය ඊයේ (18) කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමක් සිදුකරනු ලැබීය එමගින් කොටුව පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ගාලු මුවදොර පැවැත්වෙන උද්ඝෝෂණයේදී මහජන සාමය කඩවන අකාරයේ සිද්ධීන් වාර්තා වුවහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවය.