තෙල් පොලිමේ සිටි දහසකට වැඩි පිරිසකට දිවා රාත‍්‍රී නොමිලේ ආහාර දුන් අපේ තරුණයා…

Financial crisis Sri Lanka Fuel Crisis
By Sithumi May 24, 2022 03:10 PM GMT
Sithumi

Sithumi

Report

තරුණ ව්‍යාපාරිකයෙකු හෙම්මාතගම නගරයේ ඉන්ධන පිරවුම් හල් දෙකේ පොලිමේ සිටි දහසකට වැඩි ජනතාවකට උදෑසන ආහාර තේ සහ දහවල් කෑම නොමිලේම ලබා දෙන අයුරු දැක ගත හැකි විය. මුස්ලිම් ජාතිකතරුණයෙකු වන මොහු නමින් මොහොමඞ් බුහාරි මොහොමඞ් ෆවායිස් නම් විය.

තම නිවස ඉදිරිපිට පොලිමේ සිටි බොහෝ දෙනෙකු නිරාහාරව දින ගණනාවක් එහි රැුඳි සිටියහ. මෙම ජනතාවට මොහොමඞ් බුහාරි තරුණයා තම මිත‍්‍රයන්ගේ සහයෝගය ලබා ගෙන මුල්‍ය දායකත්වය ඔහු විසින් දරමින් මාර්ගය ආසන්නයේ කඩ කාමරයක ආහාර සකස් කර ලබා දීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම රාත‍්‍රී 800 කට වැඩි පිරිසකට පාන් රාත්තල් 400 කට වැඩි ප‍්‍රමාණයක් ගෙනවිත් පරිප්පු හොද්දක් සකස් කර මාර්ගය ආසන්නයේ කාපට් අතුරා ඔහුන් හින්දවා එම ආහාර ලබා දුන්හ. ඉන් පසු සියලූ දෙනාටම තේ ලබා දීමටත් මෙම තරුණයා කටයුතු කර තිබුණි. එමෙන්ම උදෑසන නැවත වතාවක් ආහාර ලබා දුන් අතර එම දින දහවල් කෑම වේලක්ද ලබා දෙන ලදි. දහවල් කෑම ලබා දෙන අවස්ථාවේ මෙම තරුණයාගේ සත් ක‍්‍රීයාවට තමන්ගේ ඥාතීයෙකුද ආධාර කර බව ඔහු අප සමග පැවසීය. ඔහුද ව්‍යාපාරිකයෙකු වන අතර නමින් මොහොමඞ් නිෂාම් නම් වෙයි.

මාවනැල්ල හෙම්මාතගම නගරවල සිංහල, මුස්ලිම් , ද්‍රවිඩ ජනතාව වැඩි වශයෙන් ජීවත් වන නිසා මේ සියලූ දෙනාගේ සමගියට මෙම සත් ක‍්‍රීයාව අද සමාජයට හොඳම ආදර්ශයකි.

බොහෝ දෙනෙකු අප සමග අදහස් දක්වමින් පවසා සිටියේ ඉන්ධන පිරවුම් හලේ පොලිමේ සිටින නිසා එයින් කිසි ලෙසකින්වත් ඉවත් විමටද නොමැකි බවයි. සමහර දෙනෙකු ජලය පානය කර ගැනීමටවත් වාහානය අසළින් ඉවත් විමවත් නොහැකිව සිටින අතරවාරයක ආහාර ලබා දීම විශාල පුණ්‍ය කටයුත්තක් වන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now