මෙරට දැඩි ආහාර හා ඖෂධ හිඟයක..ඉදිරි තත්වය අතිශය භයානකයි..?

By Sewvandhi Sep 09, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇති ව තිබෙන Frontline සඟරාව සඳහන් කරයි. එය කොරෝනා ව්‍යාප්තියට ඉන්ධන මුසු කිරීමක් බවද සඟරාවේ සඳහන් වෙයි. ආහාර පමණක් නොව ඖෂධ හිඟයක් ද ශ්‍රී ලංකාව තුළ පවතින බවත් සීනි සහල් ඇතුළු දේ මිලට ගැනීමට ජනතාව වෙළඳසැල් ඉදිරිපිට පෝලිම්වල සිටින බවද වාර්තාව කියයි.

ඇතැම් දෙනකු බරපතළ ආහාරයකට සූදානම් වෙමින් තොග මැලට ගනිමින් සිටින බවත් කළු කඩවල තොග එක්රැස් කරගැනීම් කරන බවත් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ සියලු භාණ්ඩ මිහින් මිල ඉහළ නැග ඇති බවත් සාමාන්‍ය ජනතාවට එම තත්ත්වය විඳ දරා ගැනීමට අපහසු වී ඇති බවත් පවසන එම වාර්තාව මිල ඉහළ යාම සමග ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ආර්ථික කටයුතු සම්බන්ධ හදිසි තත්වයක් ප්‍රකාශ කරන්න සිදුව ඇතැයිද කියා සිටී.

විදේශ සංචිත පහත වැටීම නිසා විනිමය අනුපාතික දුර්වල වී ඇති බවත් ආනයන වලට හා ණය වාරික ගෙවීමට අපහසුතාවයක ශ්‍රී ලංකාව සිටින බවත් අනෙක් රටවලින් ආහාර හා ඖෂධ මිලදී ගැනීමේදී බාධා එල්ල වී ඇති බවද කියා සිටී. බලශක්ති උවමනාව වෙනුවෙන් ඉන්ධන හා ගෑස් ආනයනයද ඉදිරියේ දී අර්බුදයක් ඇති වන්නට ඉඩ ඇතැයි පවසන එම වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන ප්‍රවේශමෙන් භාවිතා කරන්නැයි ජනතාවට දැනුම් දී ඇතැයිද කියා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery