චීන න්‍යෂ්ටික සබ්මැරීනයකින් පැසිෆික් සාගරයට මිසයිලයක් - ලෝක බලවතුන් කලබල වෙයි
By Kanchana
චීන නාවික හමුදාවට අයත් උපායමාර්ගික න්‍යෂ්ටික සබ්මැරීනයක සිට පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර මුහුදු තීරය වෙත දිගු දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව චීන මාධ්‍ය අද ප්‍රකාශ කර තිබේ.
දකුණු පැසිෆික් කලාපයේ ඔවුන්ගේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයකින් දිගු දුර බැලස්ටික් මිසයිලය අත්හදා බැලූ බව එරට පුවත් සේවය වාර්තා කර තිබේ
මෙම හදිසි පියවර හේතුවෙන් ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු කලාපීය බලවතුන් සිය දැඩි විරෝධය සහ අවධානය යොමු කර ඇත.
චීනයේ මහජන විමුක්ති හමුදා (PLA) නාවික හමුදාවට අයත් පැසිෆික් සාගරයේ සබ්මැරීනයක සිට ඔවුන් මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව වාර්තා වේ .
තවද අදාළ මිසයිල අත්හලා බැලීම පුහුණු අභ්‍යාසයක කොටසක් වන අතර එය කිසිදු රටක් ඉලක්ක කර සිදු නොකළ බවයි චීනය ප්‍රකාශ කර ඇත.