මේ ඉන්ධන පිරවුම්හල්වලට කරන්න යන දේ - විශේෂ සාකච්ඡාවක්

Report

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් බලශක්ති අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ඒ සමූපකාරවලට අයත් ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් මතුව ඇති විවිධ ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින්.

එසේම මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ සමූපකාර සමිති සභාපතිවරු එක්ව ඇත.

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

රටම නොසන්සුන් කළ බන්ධනාගාර ගැටුමින් මියගිය 25 දෙනා ගැන හෙළිදරව්වක් - උණුසුම මැද ලේ විලක සිටි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට

එහිදී සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන වට්ටම්, ණය පදනම මත ඉන්ධන නිකුත් කිරීම, ඉන්ධන පිරවුම්හල් පිහිටි ඉඩම්වල හිමිකාරීත්වය සම්බන්ධ ගැටලු මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම සහ පවතින පිරවුම්හල් අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම සාකච්ඡාවට සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා, කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා, බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, සමූපකාර සමිති සභාපතිවරු සහ සාමාන්‍යාධිකාරීවරු ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන්.

රටම කැළඹූ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට ඇත්තම හේතුව විපක්ෂ නායක එළි කරයි - ඛේදනීය තත්ත්වය ගැන විශාල චෝදනාවක්

රටම කැළඹූ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමට ඇත්තම හේතුව විපක්ෂ නායක එළි කරයි - ඛේදනීය තත්ත්වය ගැන විශාල චෝදනාවක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්