ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සිද්ධියකට පාස්පෝට් කන්තෝරුවේ නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

Report

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් (පාස්පෝට්) නිකුත් කිරීම සඳහා ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක (පාලන)වරයෙකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, ඉන්දියාවේ චෙන්නායි නගරයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකුගේ ඡායාරූපය යොදාගෙන, වෙනත් පුද්ගලයෙකුගේ ජීව දත්ත ඇතුළත් කළ අයදුම්පත්‍රයක් නිසි පරීක්ෂාවකින් තොරව භාරගෙන ඒ සඳහා විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සහාය ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.

අස්ථානගත වූ යටියන්තොට Traffic OICගේ රාජකාරී ගිනි අවිය සොයාගනී

අස්ථානගත වූ යටියන්තොට Traffic OICගේ රාජකාරී ගිනි අවිය සොයාගනී

PHI සංගමයෙන් විශේෂ නිවේදනයක් - මුළු රටටම අනතුරු ඇඟවීම් නිකුත් කරයි

PHI සංගමයෙන් විශේෂ නිවේදනයක් - මුළු රටටම අනතුරු ඇඟවීම් නිකුත් කරයි