මෙරට අත්හැර යන ඉංජිනේරුවන් පිරිස තුන් ගුණයකින් ඉහලට...

Government Employee Sri Lanka Technology
By Gagana Apr 13, 2024 05:48 AM GMT
Gagana

Gagana

Report

පසුගිය සමයේ මෙරට ඇති වූ අර්බුධකාරී තත්වය හමුවේ මෙරට අත් හැර මෙරටින් පිට ව ගිය ඉංජිනේරුවන් ප්‍රමාණය පසු ගිය වසර 02 ක පමණ කාල සීමාව තුල තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පවසනවා.

පසුගිය කාලයේදී මෙරට අතහැර වෙනත් රටවල රැකියා සඳහා ගිය සමස්ත වෘත්තිකයින් අතරින් සියයට හතළිහක් පමණ ඉංජිනේරුවරුන් බව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර ලේකම් වරලත් ඉංජිනේරු දමිත් දිසානායක ප්‍රකාශ කර ඇත.

2023 වසරේ දී ඉංජිනේරුවරුන් පන්දහසක පමණ පිරිසක් මෙරට හැර ගොස් ඇති බව ඔහු තව දුරටත් පැවසී ය.

එබැවින්, මේ වනවිට ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් පවතින බවත්, අත්දැකීම් සහිත පිරිසක් මෙම ක්ෂේත්‍රය තුළ නොමැතිවීම බරපතල තත්ත්වයක් බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

මොවුන් මෙලෙස රට හැර යාමට ප්‍රධාන සාධකය නම්, ඉංජිනේරුවන් සදහා නිසි වැටුපක් නොලැබීම වන අතර , තව දුරටත් මෙම තත්ත්වය පැවතියහොත් අනෙකුත් පිරිසත් මෙරට ඇත හැර වෙනත් රට වලට යාම වලක්වා ගත නොහැකි වනු ඇති බව එම මහතා වැඩිදුර සදහන කලේ ය.

ඒ අනුව, ඉන්ජිනේරුවන් සදහා ගෙවනු ලබන පහල මට්ටමේ පවතින වැටුප් තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය සාධනීය පියවරක් ගන්නා ලෙස ඔහු පවසා ඇත.