විදුලි මිල අහසට නගින ලකුණු - විදුලිය අඩුවෙන් පාවිච්චි කරත් ලොකු බිලක් - ජනතාව පීඩාවට

Report

2026 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් වාචික මහජන අදහස් ලබාගැනීමේ අවසන් සැසිය කොළඹදී පැවැත්විණි.

පෙබරවාරි මස 25 වැනි දින 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීම ආරම්භ විය.

රටම අඳුරට? විදුලි කප්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න

රටම අඳුරට? විදුලි කප්පාදුව ගැන අලුත්ම ආරංචිය මෙන්න

ඒ අනුව වාචිකව මෙන්ම ලිඛිතවද මහජන අදහස් ලබා ගැනුණු අතර එහි බස්නාහිර පළාත් මහජන අදහස් විමසීමේ වැඩසටහන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඊට එක්වෙමින් ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව මත පැටවීම අනීතික ක්‍රියාවක් බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, "දැනට අවම විදුලිය භාවිත කරන දුප්පත්ම කෙනාගේ විදුලි බිලේ මිල වෙනස්වීම සියයට 1375ක් විතර වෙනවා. උපරිම පාරිභෝගිකයා හෝ යුනිට් 1000ක් භාවිත කරන කෙනාගේ..එයා දැනට 56,000ක් ගෙවන එක 18,876කට අඩු වෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ මේක සාධාරණ ක්‍රමවේදයක් කියලා. මේ සියල්ල හැදුවේ එක පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවයට. එසේ නොවිය යුතුයි."  

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

රටටම සුභ ආරංචියක් - සුළු මොහොතකට පෙර ගෑස් නැව් දෙකක් ලංකාවට - ආයේ ගෑස් ප්‍රශ්ණේ ඉවරයි

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

ලංකාවත් යුද්ධයට එකතු වෙයිද? ඇමරිකානු මිලිටරිය ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපොළවල් ගැනීමේ උත්සහයක - භයානක හෙළිදරව්වක්

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්