නල්ලතන්නියේදී ත්‍රීරෝද රථයක් මෝහිනී ඇල්ල ළඟින් ප්‍රපාතයට -දෙදෙනෙකු මරුට, පාසල් ළමුන් 3කට බරපතළයි
නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිනී ඇල්ල අසලදී ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත
නල්ලතන්නි පොලීසියේ ස්ථානාධිපතිවරයා සදහන් කළේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු ද බරපතළ ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි
අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී තිබුණි .
අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිලිබද පරීක්ෂණ පවත්වන නල්ලතන්නිය පොලීසියේ නිලධාරියෙකු කියා සදහන් කරයි
පොලීසිය ප්‍රකාශ කළේ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු බවත්, ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බවයි .